Zoom තාක්ෂණය ඔස්සේ අයි-ගේට් විදුහලේ දරුවන් සදහා පවත්වන වෙසක් දේශනා මාලාව
අපගේ දරුවන්ගේ ගුණ දහම් වර්ධනය කර ගැනීමට අත්වැලක් වෙන්න කඩුවෙල මහමෙව්ණාව බෝධි ඤාණ භාවනා අසපු වාසි පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ
මෙම වැඩසටහනෙහි පහත අංග ඇතුලත් වන අතර සම්පුර්ණ කාලය පැය 2.00 ක් වේ
- ධර්ම දේශනය
- භාවනාව
- ධර්ම සාකච්ඡාව
- පුන්‍යානුමෝදනාව
අදාළ වැඩසටහන පැවැත්වෙන දිනයේ දී දරුවන්ට පහත කරුණු ගැන සැලකිලිමත් වන ලෙස දැනුවත් කරන්න
- සුදු ඇඳුමකින් සිසු දරුවන් සූදානම් කරවන්න
- මුලින් බුද්ධ වන්දනාව සිදු කරන අතර මල්, පහන්, සුවඳ දුම් භාග්‍යවතුන්වහන්සේ උදෙසා පූජා කිරීමට සූදානම් කර ගන්න
- සිසු දරුවන්ට පහසුවෙන් වැඩසටහනට සහභාගී වීමට අවශය පරිසරය සැකස ගන්න උපදෙස් දෙන්න . (බාහිර ශබ්ද හා වෙනත් බාධා වෙන දේ වලක්වන්න)
- දරුවන් වැඩසටහනට සහභාගී වීමේදී පින්වත් ස්වාමීන් වහන්සේට සිසුදරුවන් දර්ශනය විය යුතු අතර විටින් විට දරුවන්ගෙන් ප්‍රශ්න විමසීමේදී පමණක් දරුවන්ට පිළිතුරු දීමට අවශය උපදෙස් දෙන්න
( Video on කර ගත යුතුය. Mic එක Mute කර තබා අවශය විට Mute ඉවත් කර පිළිතුරු දෙන ආකාරය දරුවන්ට කියා දෙන්න ) - වැඩසටහනේ දිනය සහ වේලාව: 2021 ජුනි 7 වන සඳුදා – සවස 4 සිට සවස 6 දක්වා
- මෙම වැඩසටහනට අවශය ZOOM සබැඳිය (link) අපගේ විද්‍යුත් ඉගෙනුම් ද්වාරයෙහි (e-learning portal) මුල් පිටුවෙහි දැකගත හැකි අතර වැඩසටහන ආරම්භ කිරීමට පෙර WhatsApp සහ SMS මගින් ඔබට එවනු ලැබේ.
- සැසිවාරයට සම්බන්ධ වීමට පෙර ඔබ ZOOM බාගත කර තබා ගත යුතුය.
6,7,8 සහ 9 ශ්‍රේණි සඳහා විශේෂ උපදෙස්
එබැවින්, සඳුදා මාර්ගගත විභාගය සඳහා ඔබගේ කාල සටහන් පහත පරිදි වෙනස් කරනු ලැබේ
- ගණිතය – සවස 30 – රාත්‍රී 7.30
- ඉංග්‍රීසි – රාත්‍රී 7-45 – රාත්‍රී 45
ස්තූතියි
අයි-ගේට් විදුහලේ කළමනාකරණ කමිටුව